වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සැඟව ඇති නිධානයක් අනාවරනය කරන්නාක් සේ....

| Comments

තරමක් පුද්ගලික ආවර්ජනාවක් සහ උපුටනයක්. මට පසුගිය දිනෙක ඉතා තදින් සිහිපත් වූවක්.

අපේ වරදක් පෙන්වා දීම නිධානයක් පෙන්වා දීමට සමාන බවයි බුද්ධ වචනය. පාඩම් ඉගෙන ගන්න ලැබෙන හොඳම විදිහක් තමයි මිත්‍රශීලී විවේචනය. බුදුන් වහන්සේ නිර්දේශ කරල තියෙන්නෙත් කෙලින් ම වරද පෙන්වා දී විවේචනය කරන එවැනි උදවිය ඇසුරු කරන්න කියලයි. :

“නිධීනං ව පවත්තාරං
යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගය්හවාදිං මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෙයියෝ හෝති න පාපියෝ”



[ධම්මපදය, පන්ඩිත වග්ග, 1]


දල අදහස -

තරවටු කොට හෝ නිග්‍රහ කොට හෝ සැඟවී පවතින නිධානයක් අනාවරනය කරන පරිද්දෙන් තම වරද පෙන්වා දෙන පන්ඩිතයන් ඇසුරු කල මනා යි. එවැන්නන් ඇසුරු කරන්නාට සිදු වන්නේ යහපතක් ම යි!

posted via gnome blog entry poster. just testing, just in case…. :-)