වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

උතුම් වැඩක් - ඔබත් පොතක් පතක් පරිත්‍යාග කරන්න!

| Comments

ඇසුර එෆ්. එම් ගුවන්විදුලි නාලිකාව අතිශය ආදර්ශවත් සමාජ සත්කාර්යයක් අරඹා ඇති බව දැනගන්න ලැබුනා. ගුවන්විදුලි ආයතනයකට අමුතුවෙන් ප්‍රචාරයක් අවශ්‍ය නූනත් මෙය කියවන, තවමත් ගුවන්විදුලියෙන් මේ ගැන නෑසූ අයගේ දැනගැනීම සඳහාත්, උදක් ම මේ කර්තව්‍යයට ප්‍රශංසා කිරීම සඳහාත් මේ සටහන තබන්න හිතුනා.

මැදපෙරදිග රටවල විවිධ අතවර හා හිංසනයන්ට ලක් ව කඳවුරුගත වන ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන්, කාන්තා රැඳවි නේවාසිකාගාර සඳහා පුස්තකාල විවෘත කිරීමේ මාහැඟි කටයුත්තට ඇසුර ආයතනය අතගසා තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ ලැබුනු ප්‍රචාරක විද්‍යුත් ලිපියක්.

ඔබට හැකි පමනින් සිංහල හා දෙමල පොත්පත් පහත දැක්වෙන ලිපිනයට ලබා දෙන්න. (විශාල කොට කියවීමට පින්තූරය මත ක්ලික් කරන්න)



General Manager,
Asura FM,
No 52
5th Lane,
Colombo 03
Sri Lanka

වැඩි විස්තර සඳහා 0112- 575000 හෝ 0773 - 873475 අමතන්න.

[පසු සටහන - අප අපේක්ශා කල යුත්තේ විදේශ සේවයට යන කතුන් හිංසනයට ලක් නොවන, රැඳවුම් නේවාසිකාගාර අවශ්‍ය නොවන යහපත් සේවා කොන්දේසි සහිත වාතාවරනයක් බව ඇත්ත. ඒත් මේ වන විට පවතින අර්බුදයේ ගොදුරු බවට පත් වූ, පත් වෙමින් සිටින පිරිස සුලුපටු නැහැ. ඔවුන් ශක්තිමත් කිරීමට ගන්නා කුදු මහත් සියලු වෑයම් දිරිමත් කල යුත්තේ ඒ නිසයි.]