වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

වැරැද්දක් ද? නැත්නම් හැටි ද?

| Comments

UPDATE : මේ ගැටලුව පසුව විසඳාගනු ලැබුවා.

අද මම පළවෙනි වතාවට වෙනත් තැනක පරිගණකයකින් මගේ බ්ලොග් එක දිහා බැලුවා. මට පෙනු‍ණේ එච්චර සතුටුදායක දර්ශනයක් නම් නෙවෙයි. මම හිතුවේ යුනිකෝඩ් සිංහලවල තිබුණු “පිල්ලම් දෝෂ” දැන් හරිගස්සලා කියලයි. එත් එහෙම නෑ. මම ගෙදර පරිගණකයෙන් නරඹද්දී නම් කොම්බුව වගේ අකුරකට කලින් යෙදෙන පිල්ලම් සාමාන්‍ය පරිදි අදාළ අකුරට කලින් දර්ශනය වෙනවා. ඒත් අද මම දැක්ක හැටියට නම් හැමෝටම ඒ අන්දමට සිංහල දර්ශනය වෙන්නෙ නෑ. මේ බ්ලොග් එකේ නම පවා තවමත් පේන්නේ වබේ ආලෝචනා හැටියට(වෙබ් ආලෝචනා හැටියට නෙමෙයි) (It is displayed as Wabe Alochana instead of Web Alochana because kombuwa is displayed after “Wa yanna”)

මම character encoding හරියට තියෙනවද කියලත් පරීක්ෂා කළා. ඒ ඔක්කොම හරි. ඒත් සිංහල තවමත් දර්ශනය වෙන්නේ මහ අභූත විදිහකට නේ! මේක සාමාන්‍ය තත්වය ද එහෙමත් නැත්නම් මම අද පාවිච්චි කරපු පරිගනකයේ වැරැද්දක් ද? එහෙමත් නැත්නම් අකුරකට අදාළ සියලු පිල්ලම් දර්ශනය වෙන්නේ අදාළ අකුරට පසුව වීම සාමාන්‍ය දෙයක් ද? එහෙම නම් මගේ පරිගණකයේ ඒක නිවැරදි ව දර්ශනය වෙන්නත් සමහර වෙනත් පරිගණකවල විතරක් වැරදියට පෙනෙන්නත් හේතුව මොකක්ද?