වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ගනු සටන එනු කඩුවට!

| Comments

ඔන්න මැරතන් පටන් ගත්තා. හදිසියට ලියවෙන්නෙත් නෑ වගේ. ඒ වගේ වෙලාවට තමයි වාක්‍යත් පැටලෙන්නෙ.

අද අන්තර්ජාලයේත් අවුල් තියෙන බව ආරංචියි. අපේ ප්‍රදේශයේ නම් විදුලියත් ඇන හිටියා. ඉතින් අපේ රටේ තියෙන යටිතල පහසුකම් ගැන අද රෑ කන පැලෙන්න ලියන්න අදහස් කරනවා. මෙය නරඹන වගකිව යුතු අයගේ අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

අනික මේ කඩුව ගැන භාශාව, භෂාව සහ බාසාව ගැන හිතෙන දේවල් ලියන්න අදහස් කරනවා. එන හැටියකට බලාගමු. නිදහසේ සිතුවිලි ගලාගෙන එන හැටියට තමයි ලියන්නෙ…. අර කිව්වා වගේ කලින් දැනුම් දීලා සිතුවිලි නොඑන නිසා මගදී වෙනස් දේවල් ගැනත් ලියන්න ඉඩ තියෙනවා