වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

මැරතන් පෙරට! දැන් සවස 1.30යි

| Comments

වේගය අඩු වැටි වෙමින් සිංහල බ්ලොග් මැරතන් පෙරට ඇදෙනවා. අතිවිශාල සංඛ්‍යාවක් සිංහල භාශා බ්ලොග් සටහන් අන්තර්ජාලයට එකතු වෙමින් තිබෙනවා. මෙන්න මේ ප්‍රදර්ශනය කිරීම, විදහා පෑම සැලකිය යුතු බලපෑමක් අන්තර්ජාලයේ සැරිසරන්නන් මත ඇති කරනු ඇත යන්නයි සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ අපේක්ශාව වුනේ. දැනටමත් සජීවී ව සහාය ලබාගනිමින් සිංහල භාශා බ්ලොග් අඩෙවි එක දෙක වැඩි වෙමින් තියෙනවා. සිංහල කියවන්න ඇදී එන පිරිස අනපේක්ශිත ලෙස අතිවිශාලයි! ඉතා ම ප්‍රීතිදායක දෙයක්.

එක දිගට සජීවී ව ලියාගෙන ලියාගෙන යන එක ලේසි පහසු දෙයක් නොවුනත් බ්ලොග්කරුවන් දිවා රෑ නොතකා නිදි මරාගෙන විදුලි අකුනු සහ අන්තර්ජාල සබඳතා ප්‍රශ්න මැද්දේත් සිය සහභාගීත්වය ලබා දෙන අන්දම ගැන නම්…. කියල වැඩක් නෑ! අනර්ඝයි!!! :D