වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ශ්රී ලංකා කොල්ලෝ වසයි!

| Comments

එදා රෑ…

දැවැන්ත රූපවාහිනී තිරයක දිගහැරුණු ලෝක කුසලාන ක්රිකට් සැණකෙළිය(ශ්රී ලංකාවේ සැබෑ ජාතික ක්රීඩා උළෙල) රෑ එළි වන තුරු ආස්වාදය කළා. කවදාවත් - ගෙදරදී වත් - ක්රිකට් නොබලන අයත් මෙන්න එතන! මුළු කොළඹ ම අවදියෙන් ඉන්න බවක් පෙනුණා. ශ්රී ලංකාව, නවසීලන්තය පරාජය කළේ ඔවුන් ආධුනිකයින්ගේ මට්ටමට ඇද දමමින්. සව්දිය පිරුණා. එස් එම් එස් හා දුරකථන පණිවිඩ නිමක් නැතුව ඔබ මොබ ගියා. නිදා සිටියවුන් අවදි කෙරුණා. පාන්දර මහ පාරේ “ශ්රී ලංකා කොල්ලො වසයි” ගීතය හාත්පස දෙවනත් කරමින් රැව් පිළිරැව් දුන්නා.

“එක පාරක් අපි දුන්නා බැටේ
මේ පාරත් අපි දෙනවා බැටේ…”

28 වෙනිදා රෑ කොහොම තියෙයිද!