වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

"Breaking News" : කවුද ලසන්ත කියන්නෙ? (හෙහ් හෙහ්)... එක්කො ඔබ අප සමගයි, නැත්නම් ඔබ ත්‍රස්තවාදියෙක්!

| Comments




ආරක්ශක ලේකම් ගෝඨාභය රාජපක්ශ - කවුද ලසන්ත වික්‍රමතුංග කියන්නෙ. ඒ තවත් එක්කෙනෙක් විතරයි! (සිනාසෙයි) මිනීමැරුම් මහවිසාල ගොඩක් හැම තැනම වෙනව (සිනාසෙයි) මුලු ලෝකෙම මිනිමැරුම්..ඇයි ඔබ ලසන්ත ගැන අහන්නෙ? ලසන්ත කවුද? එයා මේ ටැබ්ලොයිඩ්වලට ලියමින් හිටපු කෙනෙක්. කවුද එයා, ඇයි මේ තරම් ඒක ගැන උනන්දු? ඇයි මිනිස්සු මේ එක මිනිහෙක් ගැන මේ තරං කරදර වෙන්නෙ? එල් ටී ටී ඊ එක මිනිස්සු විසාල ගානක් මරල තියෙනවඇයි ඔවුන් ගැන අහන්නෙ නැත්තෙ? කවුද ලසන්ත? මට කියන්න? ඔහුගෙ වැදගත්කම මොකද්ද?

ප්‍ර - මිනිස්සු හිතන්නෙ ඔහුව ඝාතනය කෙරුනෙ ඔහු ලියපු දේවල් නිසා කියලයි

ගෝඨාභය - මොනවද එයා ලිව්වෙ? වෙනත් මිනිස්සු ඉන්නව… ඔබ කියනව නං ඔහු ආන්ඩුව විවේචනය කලා කියල, ඔහු හිටපු සියලු ම ජනාධිපතිවරුන්ව විවේචනය කලා, සියලු ම හිටපු අගමැතිවරුන්ව.. ඔහු සියලු ම දෙනාව විවෙචනය කලා. තර්කය ඒක නං, ඕන කෙනෙකුට ඔහුව මරන්න පුලුවන්. ඒක ඔහුගෙ ශෛලිය, ඒක ටැබ්ලොයිඩ් එකක්. ඔහු මාව විවේචනය කලා, මම උසාවි ගියා. ඒක නෙමෙයිද කරන්න තියෙන හරි දේ?

ප්‍ර- නමුත් අපි දකින දේවල් අනුව චෝදනා සහ ඇඟවීම් තියෙනවා…

ගෝඨාභය - (බාධා කරමින්) අපෝ චෝදනා නං ඉතින් ඕන තරම් තියෙනව.. ඒ දේවල් තියෙනව. මම දන්නව…

ප්‍ර - නැහැ. ඉන්න මට කියන්න දෙන්න.. මේක ආරක්ශක අමාත්‍යාංශයේ වැඩක් කියල මිනිස්සු කියනව. ඒ වගේ දෙයක්… මේක ඉතා බරපතල චෝදනාවක්. ඔබ ආරක්ශක ලේකම්, මට දැනගන්න ඕන ඔබ මේ ගැන කියන්නෙ මොනවද කියල?

ගෝඨාභය - කිසිම කෙනෙක් කියන්නෙ නෑ ඒක කලේ ආරක්ශක අමාත්‍යාංශය කියල. මම දැකල නෑ. ඇයි කියන්නෙ ආරක්ශක අමාත්‍යාංශය කලා කියල? ඒ කියන්නෙ ඔහු මාව විවේචනය කල නිසා නම්, මම ඒකට නීතිමය පියවර අරන් තියෙනව. මම කාටවත් අනතුරක් කරන්නෙ මොකටද? මම කරල තියෙන්නෙ හරි දෙය. මේ හා සමානව ම සියලු ම අවස්ථාවල ඔවුන් මිනිස්සුන්ව පැහැරගත්තු සුදු වෑන්වලට වරද පවරමින් හිටිය. නමුත් අපි මේ වැඩ කරපු සියලු ම අය අත්අඩංගුවට අරන් තියෙන්නෙ! විරුද්ධ පක්ශ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ශකයින් දෙන්නෙකුත් ඒ අතර ඉන්නව.

ප්‍ර - මිනිස්සු ඔබට බියෙන් ඉන්න බව පේනව. ඔවුන් එහෙම බිය වෙන්න ඕනද?

ගෝඨාභය - ඒ මොකද? මං දන්නෙ නෑ. නැවතත් මේවා වැරදි ප්‍රචාර. මම කරපු එක ම දේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරප එකයි. මට ඉන්නෙ කන්ඩායම් දෙකයි. ඒ තමයි ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කරන්න අවශ්‍ය අය සහ ත්‍රස්තවාදීන්! කන්ඩායම් දෙකයි. එක්කො ඔබ ත්‍රස්තවාදීන් සමග. නැත්නම් ඔබ ත්‍රස්තයින්ට විරුද්ධව සටන් කරනව.

ප්‍ර - ජෝර්ජ් බුශ් කියපු ආකාරයට එක්කො ඔබ අප සමග, නැත්නම් අපට එරෙහි ව.

ගෝඨාභය - හරියට හරි! ඒක තමයි. මොකද.. මතක තියාගන්න..සමහර අයට අනුව, ඒ අය ත්‍රස්තවාදය ගැන කතා කරනකොට ඒක කාර් බෝම්බයක් විතරයි. නැත්නම් සියදිවි නසාගැනීමේ ප්‍රහාරයක්. ඒත් නැත්නම් ඔය සමහර රටවල වුනා වගේ මොකක් හරි ක්‍රියාවක්. ඒත් මතක තියාගන්න, ලංකාවේ ත්‍රස්තවාදය එතනින් එහා බොහෝ දුර ගිහින් තියෙන්නෙ.

ප්‍ර - මට තව එක අවසන් ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔබ කිව්ව “එක්කෝ ඔබ ත්‍රස්තවාදීන් සමගයි, නැත්නම් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරනව” කියල. මෙයින් අදහස් වෙනව ද යුද්ධයක් පවතින කාලයක දී විරුද්ධ වීම හෝ විවේචනය කිරීම පාවාදීමක් කියල?

ගෝඨාභය - ඔව්. මොකද ඒක කෙනෙක් වෙනත් රටකට ගිහින් යුද්ධ කරනව වගේ නෙමෙයි. මේ ඔබේ ම රට! ඔබ සටන් කරමින් ඉන්නෙ මේ රට බෙදන්න හදන ත්‍රස්තවාදී කන්ඩායමක් එක්ක. අපේ හමුදාව වෙන රටකට ගිහින් සටන් කරනව නෙමෙයි. අපි සටන් කරන්නෙ අපේ රට ආරක්ශා කරගන්න! අපේ රටේ ස්වාධිපත්‍යය වෙනුවෙන්!



More “breaking” news :
Breaking News : ගෝඨාභය රාජපක්ශගෙන් ජනමාධ්‍යයට තර්ජන, ගර්ජන සහ චෝදනා