වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

ගාමිණී හත්තොටුවේගම අනුස්මරන වීදි නාට්‍ය දැක්ම නොවැම්බර් 29 ඉරිදා හවස 6ට

| Comments


අභාවප්‍රාප්ත නාට්‍යවේදී ආචාර්ය ගාමිණී හත්තොටුවේගම සූරීන් අනුස්මරනය කිරීම්වස් විවෘත වීදි නාට්‍ය කන්ඩායම ඉදිරිපත් කරන විශේශ වීදි නාට්‍ය දර්ශනයක් නොවැම්බර් 29 වැනි ඉරිදා පස්වරු 6.00 ට මොරටුව, කඩොලාන මෙතෝදිස්ත පල්ලිය අසල භූමියේ දී පැවැත්වෙනවා. හත්තොටුවේගමයන්ගේ 71 වැනි ජන්ම සංවත්සරය යෙදී ඇත්තේ ද එදිනට යි.

මෙය විවෘත වීදි නාට්‍ය කන්ඩායමේ මුල් කාලීන සාමාජිකයන් මෙන් ම වත්මන් සාමාජිකයින් ද එක ම කරලියක රංගනයේ යෙදෙන සුවිශේශී අවස්ථාවක්.

පුවත පතුරන්න, ඔබත් එන්න.