වෙබ් ආලෝචනා | web alochana

3.0 nihil humanum a me alienum puto

සිංහබා... සිංහබා! ඉංගිරිසියෙන් රැඟෙනු නරඹමු

| Comments

එදිරිවීර සරච්චන්ද්‍ර සූරීන් ලියා අධ්‍යක්ශනය කල සිංහබාහු නාටකයේ ඉංගිරිසි පරිවර්තනයක් දැන් වේදිකාගත වීමට සැරසෙනවා. සංගීතමය, ඔපෙරා ස්වරූපයේ රංගයක් ලෙසින් මෙය අධ්‍යක්ශනය කර ඇත්තේ අපට සිටින දක්ශතම නාට්‍යකරුවකු වන ධර්මජිත් පුනර්ජීව. ඔහුගේ කටයුත්තට පදනම් වන්නේ ආචාර්ය ලක්ශ්මී ද සිල්වාගේ පරිවර්තිත පිටපත යි.

පහත දැක්වෙන ස්ථානයන්හිදී සිංහබාහු ඉංගිරිසි රංගය නැරඹිය හැකියි.

මාර්තු 15 -16 දෙදින සවස 6.30ට කොලඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී.

මාර්තු 27 මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රඟහලේ දී

අප්‍රේල් 12 මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී

සිංහබාහු මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ ඉදිරිපත් කිරීමක්.


පසුසටහන - සිංහබාහු පලමු වරට සිංහලෙන් රඟදැක්වුනේ 1961 වසරේ සැප්තැම්බර් මාසයේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයීය එලිමහන් රංගපීඨයේ දී. මීට ප්‍රථම ද සිංහබාහු නාටකයෙහි ඉංගිරිසි නිශ්පාදනයක් සිදු ව තිබෙනවා. එවර පරිවර්තනය හා අධ්‍යක්ශනය යන දෙකම කලේ ප්‍රවීන නාට්‍යවේදී නාමෙලි වීරමුනි. කැලිෆෝර්නියාවේ දී ඇමෙරිකානු නලු-නිලි කැලක් සමග කලකට පෙර ප්‍රයුංජනය කෙරුනු එම පිටපත පසුව සරසවි ප්‍රකාශනයක් ලෙස මුද්‍රනද්වාරයෙන් එලිදුටුවා.